ගණින්න මදි උන ඇඟිලි....!!
ආදරේ
Tuesday, 9 June 2009

මේක තමයි ලෝකෙ තියන ලොකුම බොරුව මම හිතන්නෙ. (හුදෙක් මාගේ අදහසක් පමණයි.) අහම්බෙන් දකිනවා.
පවකට හරි පිනකට හරි දෙන්නා සෙට් වෙනවා.
ඔන්න ඔතනින් තමයි බොරු කියන එක පටන් ගන්නෙ ලොකුවටම.
ආත්ම ගානක් පතාගෙන ආවලු.
ජීවිතේ දෙන්නම්ලු.
මගෙ පණත් හරිලු ඔයත් හරිලු,
මේවා එකක් වත් ඇත්තද? කල්පනා කරලා බලන්න.
මොකක් හරි හේතුවක් නිසා මේ දෙන්නා වෙන් උනොත්??? ඊට පස්සෙ කියන කතා මොන වගේද?
මූදෙ එක මාලුවද ඉන්නෙ බන්...
ඒක කලේ මම සෙල්ලමට..
ඕකිට මම පෙන්නන්නම් මම කවුද කියලා.
ලෝකෙ එක කොල්ලද බන් ඉන්නෙ?
හෙට වෙද්දි අරකිට පේන්න මම මේකි එක්ක එන්නෙ, බලපන් නැත්ද කියලා...
මට පිස්සු කියලා හිතන්න එපා.
එත් මේක නේද ඇත්ත?
එතකොට ආදරේ කියන්නෙ මොකක්ද?????
ඊලගට ඔයාල මගෙන් අහන්නෙ මේ ප්‍රශ්නෙ නේද?
ඒකටත් මම ම කෙටි උත්තරයක් දෙන්නම්...
ඇත්ත ආදරේ තියෙන්න ඕනේ එකිනෙකා අතර විශ්වාසය විතරමයි නේද? මට මගේ සහකාරිය / සහකරු විශ්වාස නම් මොකටද මේ බොලඳ බොරු කතා...???
අපි ඇත්තට මූන දෙමු...
අපි අපිට අවන්ක වෙමු.
අපි අපිට ආදරේ වෙමු.
එතකොට මුලු ලෝකෙම තේරුම් ගනීවි අපි ගැන.
එතකොට අපේ ආදරෙත් සැබෑ ආදරයක් වේවි. අනාගත පරපුර අපි ගැන කතා කරාවි.. ඒයාලගෙ හිතේ ඇතිවෙන අවන්ක පැහැදීමකින්...
සිහිනය....
Monday, 8 June 2009
කඳුල......
Saturday, 6 June 2009
ආදරේ...............
සුන්දරයි ජීවිතේ...........
Friday, 5 June 2009

හැම දේම හරියට කරගන්න හිතාගෙන හොද වෙලාවක් බලලා පටන් ගත්තට ඒ දේවල් හරියන්නෙ ගොඩාක් කලාතුරකින්. අහස උසට බලාපොරොත්තු.....ඒ හැම හීනයක්ම ඇත්තටම හීනයක් විතරක්ම වෙයිද කියලා වෙලාවකට හිතෙනව.
මිනිස්සු ජීවත් කරවන්නේ බලපොරොත්තු...ඒත් ඒ බලපොරොත්තු බිඳිලා ගියොත් ජීවිතේ නැති කරගන්න නේද අපිට වෙන්නෙ?
ජීවත් වෙන එකලු අමාරු.....මැරෙන එක නෙමෙයිලු.
ඒ කතාව නම් ඇත්ත තමයි...හැමෝම හදන්නෙ අපිව මරන්න නේද?අපි අපිම විතරයි නේද අපිවම ජීවත් කරවන්න හදන්නේ?
ජීවත් වෙන්න ඉගෙන ගන්න ඔනෙ....ජීවත් වෙන විදිය......අනුන්ට කරදරයක් නොවී...
Subscribe to:
Posts (Atom)






