හෙළ බසින් හීන..........!!!!

.....රෑ දකින හීන නොව...........

Blogger Template by Blogcrowds.

ටිකක් හිතලා බලන්න...!!!

Thursday 25 June 2009
තව ටිකක් හිතලා බලන්න...
මගෙන් ඉල්ලගත්ත හැම දේම
ආපහු මට දුන්නාද කියලා...
හැම දේම..???

මම මෙචර කල් ඔයාට
මම දීපු
ආදරේ....?

ජීවිතේ පුරාවටම
ලඟ තියා ගන්නවා කිවුව
මගේ
හදවත...?

ඒවත් ආපහු දීලම යන්න බැරිද???

මගේ රත්තරන් දුවේ

Sunday 14 June 2009

මේ මුලු ලෝකෙම අයිති උඹට තමයි.
මම දන්නවා රත්තරන් දුවේ...
උඹේ හිත කියන දේ මම දන්නවා,
මට ඒක දැනෙනවා.
උඹ ඉල්ලන්නෙ නිදහස...
මේ මුලු ලෝකෙම උඹේ උනත්,
මම කොහොමද උඹව අත හරින්නේ...
ආදරය ගොඩාක් සුන්දරයි තමයි...
මම ඒකත් නොදන්නවා නෙමෙයි..
ඒත් මගේ රත්තරන් දුවේ.
මං කොහොමද උඹව මේ ලෝකෙ
තනි කරලා, උඹට නිදහස දීලා
හිත හදා ගන්නේ,
මට බෑ මගේ රත්තරන් දුවේ ඒක නම් කරන්න.
උඹ සතුටින් ඉන්නවා නම්
මගේ සතුටත් ඒකම තමයි
ඒත්,
කොහොමද මම මේ ලෝකේ වෙන කෙනෙක්
මටත් වඩා මගේ දුවව බලාගනී කියලා
විශ්වාස කරන්නේ............

තනිකම


තනිකම කොච්චර
තනිකමක්ද කියලා තේරෙන්න
තනි වෙන්නම ඕනෙ.
වෙනදා මගේ තනියට
ඔයා මගේ ලඟම හිටියා.
ඒත් අද....?
පාලුව තනිකම
දැන් මගේ ලඟ ඉතිරි වෙලා
මගේ සතුට
ඔයා අරගෙන ගිහින්
ආයෙත් නො එන්නම.
කවදාවත්ම.
කමක් නෑ
ඔයා සතුටින් නම්,
ඒ ගැන හිතලා මම හිත හදාගන්න.
ඒ සතුට ඇති ජීවත් වෙන්න
හැමදාටම
ආදරේ නාමයෙන්......!!!

කවදාවත් නෑ...

Saturday 13 June 2009

හිතෙනවද බරයි කියලා...?
නෑ රත්තරන්....
පොඩ්ඩක් වත් නෑ...
හිතෙනවද අතහරී කියලා...?
නෑ රත්තරන්....
කවදාවත් නෑ...

තනි වෙන්න් නෑ රත්තරං


ඔයාගේ සුමුදු ඇඟිලි
කවදාවත් තනි වෙන්න් නෑ රත්තරං
ගොරෝසු උනත් මගේ ඇඟිලි,
හැමදාටම
ඔයාගෙ ඇඟිලි අතරින් ඉඳීවි....
ඒ මගේ ඇඟිලි ඔයාගේ ඇඟිලි වලට
මම ඔයාට කරන ආදරේ තරම්ම
ආදරේ නිසයි........!!
Thursday 11 June 2009
මතකද ඒ දවස....?
අද වගේම වැස්සකට පස්සෙ
එයයි මමයි
උඹ ලඟට වෙලා
කතා කරපු දේවල් උඹට
මතකද?
මටත් ඒ කිව්ව හැම දේම නම්
මතක නෑ.....
ඒත් එක දෙයක් නම්
අද වගේම මතකයි

"මම ඔයාට ගොඩාක් ආදරේයි"

ඒත්

අද එයා මගේ තුරුලේ නෑ.......
එතකොට
ඒදා එයා කීව්වෙ බොරුවක්ද????

මං ගිහිං එන්නං රත්තරං....

Wednesday 10 June 2009
උඹවත් අරං
යන්න ඇත්නං

ඒත් රත්තරං

අපේ බොස් ගෙං
ඒකට නැතිවේයි වරං

ඉතිං

මං
ඉක්මනිං
ගිහිං
එන්නං

මං
එනකං

උඹ හිටිං
මේ සුවඳත් අරං

ගණින්න මදි උන ඇඟිලි....!!


ඔය බැහැගෙන යන ඉර
කලින් දවසක පායගෙන එනකොට
උඹේ අතේ ඇඟිලි මැදින් තිබ්බේ
මගේ ඇඟිලි නේද?

අදත් ඒ ඉර එදා වගේම බැහැගෙන යනවා
ඒත් අද මගේ ඇඟිලි තනියම,
ඒත්
උඹේ අතේ ඇඟිලි..........!!!!

ආදරේ

Tuesday 9 June 2009

මේක තමයි ලෝකෙ තියන ලොකුම බොරුව මම හිතන්නෙ. (හුදෙක් මාගේ අදහසක් පමණයි.) අහම්බෙන් දකිනවා.
පවකට හරි පිනකට හරි දෙන්නා සෙට් වෙනවා.
ඔන්න ඔතනින් තමයි බොරු කියන එක පටන් ගන්නෙ ලොකුවටම.
ආත්ම ගානක් පතාගෙන ආවලු.
ජීවිතේ දෙන්නම්ලු.
මගෙ පණත් හරිලු ඔයත් හරිලු,
මේවා එකක් වත් ඇත්තද? කල්පනා කරලා බලන්න.
මොකක් හරි හේතුවක් නිසා මේ දෙන්නා වෙන් උනොත්??? ඊට පස්සෙ කියන කතා මොන වගේද?
මූදෙ එක මාලුවද ඉන්නෙ බන්...
ඒක කලේ මම සෙල්ලමට..
ඕකිට මම පෙන්නන්නම් මම කවුද කියලා.
ලෝකෙ එක කොල්ලද බන් ඉන්නෙ?
හෙට වෙද්දි අරකිට පේන්න මම මේකි එක්ක එන්නෙ, බලපන් නැත්ද කියලා...
මට පිස්සු කියලා හිතන්න එපා.
එත් මේක නේද ඇත්ත?
එතකොට ආදරේ කියන්නෙ මොකක්ද?????
ඊලගට ඔයාල මගෙන් අහන්නෙ මේ ප්‍රශ්නෙ නේද?
ඒකටත් මම ම කෙටි උත්තරයක් දෙන්නම්...
ඇත්ත ආදරේ තියෙන්න ඕනේ එකිනෙකා අතර විශ්වාසය විතරමයි නේද? මට මගේ සහකාරිය / සහකරු විශ්වාස නම් මොකටද මේ බොලඳ බොරු කතා...???
අපි ඇත්තට මූන දෙමු...
අපි අපිට අවන්ක වෙමු.
අපි අපිට ආදරේ වෙමු.
එතකොට මුලු ලෝකෙම තේරුම් ගනීවි අපි ගැන.
එතකොට අපේ ආදරෙත් සැබෑ ආදරයක් වේවි. අනාගත පරපුර අපි ගැන කතා කරාවි.. ඒයාලගෙ හිතේ ඇතිවෙන අවන්ක පැහැදීමකින්...

සිහිනය....

Monday 8 June 2009

වැසුනු ඇස් පියන් යට
රෑ පුරා දිග හැරෙන
සොඳුරු සීතල කවිය
සැබෑවක් නොවුනමුත්
ඒ සිහින සැම විටම
සොඳුරු බව එලෙසමය්
නිදි යහන සොඳුරු කළ




කඳුල......

Saturday 6 June 2009

මගේ දෑස් අග ඉපදී
මගේ දෙකම්මුල් මත වියලී යන, කඳුල......
නුඹ,
මගේ හදවත රිදුම් දෙන විටද,
දුක
මගේ සිත තුල සක්මන් කරන විටද,
මගේ තනි නොතනියට,
මා ලඟම සිටි එකම
මිතුරා නුඹයි....!!

ආදරේ...............


පිපෙන්නට ඉඩ දෙන්න..!!
හදවතේ ගැඹුරුම තැනක උපන්
ඒ සොඳුරු රෝස කැකුළට
ඇගේ සුවඳින් පිරුණු කුසුමක් ලෙසින්......
පිපෙන්නට ඉඩ දෙන්න.....!!!

සුන්දරයි ජීවිතේ...........

Friday 5 June 2009

හැම දේම හරියට කරගන්න හිතාගෙන හොද වෙලාවක් බලලා පටන් ගත්තට ඒ දේවල් හරියන්නෙ ගොඩාක් කලාතුරකින්. අහස උසට බලාපොරොත්තු.....ඒ හැම හීනයක්ම ඇත්තටම හීනයක් විතරක්ම වෙයිද කියලා වෙලාවකට හිතෙනව.
මිනිස්සු ජීවත් කරවන්නේ බලපොරොත්තු...ඒත් ඒ බලපොරොත්තු බිඳිලා ගියොත් ජීවිතේ නැති කරගන්න නේද අපිට වෙන්නෙ?
ජීවත් වෙන එකලු අමාරු.....මැරෙන එක නෙමෙයිලු.
ඒ කතාව නම් ඇත්ත තමයි...හැමෝම හදන්නෙ අපිව මරන්න නේද?අපි අපිම විතරයි නේද අපිවම ජීවත් කරවන්න හදන්නේ?
ජීවත් වෙන්න ඉගෙන ගන්න ඔනෙ....ජීවත් වෙන විදිය......අනුන්ට කරදරයක් නොවී...