ඒහේම නේද රත්තරන්...................?
Tuesday 21 July 2009
උඹටත් හොරෙන්
Saturday 4 July 2009
මචං...
උඹ හීතනවාද මෙයා උඹට ආදරෙයි කියලා...?
උඹට විශ්වාෂද මෙයාව...?
අද මට හොරේන් උඹට ආදරේ කිවුවට,
හෙට ඒක වෙනස් නොවෙයි කියලා
උඹට විශ්වාෂද...?
උඹටත් හොරෙන්
වෙන අතක් අල්ල නොගනී කියලා
හිතන්න වත් පුලුවන්ද...?
උඹට කැමතිනම් විශ්වාෂ කරපන්,
හැබැයි මතක් කරලා මේ මම ලිවුව ටික
හිතේ ලියලා තියා ගනින්...
ලඟදිම උඹටත් මේ ටික වෙන
කෙනෙකුට කියලා දෙන්න වෙයි.
ඒකයි.....!!
උඹ හීතනවාද මෙයා උඹට ආදරෙයි කියලා...?
උඹට විශ්වාෂද මෙයාව...?
අද මට හොරේන් උඹට ආදරේ කිවුවට,
හෙට ඒක වෙනස් නොවෙයි කියලා
උඹට විශ්වාෂද...?
උඹටත් හොරෙන්
වෙන අතක් අල්ල නොගනී කියලා
හිතන්න වත් පුලුවන්ද...?
උඹට කැමතිනම් විශ්වාෂ කරපන්,
හැබැයි මතක් කරලා මේ මම ලිවුව ටික
හිතේ ලියලා තියා ගනින්...
ලඟදිම උඹටත් මේ ටික වෙන
කෙනෙකුට කියලා දෙන්න වෙයි.
ඒකයි.....!!
"ඒකට මම පළිද???"
ඒ උඹට ගොඩාක් ආදරේ කරපු එකද?
වරද මගේම නම්,
මමම ඒ දුක විඳගන්නම්,
ඔවු,මම දන්නවා,
මගේ තමයි වරද..
වරද මගේම නම්,
මමම ඒ දුක විඳගන්නම්,
ඔවු,මම දන්නවා,
මගේ තමයි වරද..
උඹට මම එක පෙම්වතෙක් උනා වගේ,
මටත් උඹ එක පෙම්වතියක්
උනා නම් මමත් අද උඹ වගේම සතුටින්,
එත් එදා වගේම,
තවත් උඹ, මටත් මගෙ හිතටත්
එකම පෙම්වතිය විතරයි...
මම දන්නවා, උඹට මේ හැම දේටම තියෙන්නේ
එකම එක උත්තරයක් විතරයි.
"ඒකට මම පළිද???"
මටත් උඹ එක පෙම්වතියක්
උනා නම් මමත් අද උඹ වගේම සතුටින්,
එත් එදා වගේම,
තවත් උඹ, මටත් මගෙ හිතටත්
එකම පෙම්වතිය විතරයි...
මම දන්නවා, උඹට මේ හැම දේටම තියෙන්නේ
එකම එක උත්තරයක් විතරයි.
"ඒකට මම පළිද???"
ටිකක් හිතලා බලන්න...!!!
Thursday 25 June 2009
මගේ රත්තරන් දුවේ
Sunday 14 June 2009
මේ මුලු ලෝකෙම අයිති උඹට තමයි.
මම දන්නවා රත්තරන් දුවේ...
උඹේ හිත කියන දේ මම දන්නවා,
මට ඒක දැනෙනවා.
උඹ ඉල්ලන්නෙ නිදහස...
මේ මුලු ලෝකෙම උඹේ උනත්,
මම කොහොමද උඹව අත හරින්නේ...
ආදරය ගොඩාක් සුන්දරයි තමයි...
මම ඒකත් නොදන්නවා නෙමෙයි..
ඒත් මගේ රත්තරන් දුවේ.
මං කොහොමද උඹව මේ ලෝකෙ
තනි කරලා, උඹට නිදහස දීලා
හිත හදා ගන්නේ,
මට බෑ මගේ රත්තරන් දුවේ ඒක නම් කරන්න.
උඹ සතුටින් ඉන්නවා නම්
මගේ සතුටත් ඒකම තමයි
ඒත්,
කොහොමද මම මේ ලෝකේ වෙන කෙනෙක්
මටත් වඩා මගේ දුවව බලාගනී කියලා
විශ්වාස කරන්නේ............
මම දන්නවා රත්තරන් දුවේ...
උඹේ හිත කියන දේ මම දන්නවා,
මට ඒක දැනෙනවා.
උඹ ඉල්ලන්නෙ නිදහස...
මේ මුලු ලෝකෙම උඹේ උනත්,
මම කොහොමද උඹව අත හරින්නේ...
ආදරය ගොඩාක් සුන්දරයි තමයි...
මම ඒකත් නොදන්නවා නෙමෙයි..
ඒත් මගේ රත්තරන් දුවේ.
මං කොහොමද උඹව මේ ලෝකෙ
තනි කරලා, උඹට නිදහස දීලා
හිත හදා ගන්නේ,
මට බෑ මගේ රත්තරන් දුවේ ඒක නම් කරන්න.
උඹ සතුටින් ඉන්නවා නම්
මගේ සතුටත් ඒකම තමයි
ඒත්,
කොහොමද මම මේ ලෝකේ වෙන කෙනෙක්
මටත් වඩා මගේ දුවව බලාගනී කියලා
විශ්වාස කරන්නේ............
තනිකම
කවදාවත් නෑ...
Saturday 13 June 2009
තනි වෙන්න් නෑ රත්තරං
ගණින්න මදි උන ඇඟිලි....!!
ආදරේ
Tuesday 9 June 2009
මේක තමයි ලෝකෙ තියන ලොකුම බොරුව මම හිතන්නෙ. (හුදෙක් මාගේ අදහසක් පමණයි.) අහම්බෙන් දකිනවා.
පවකට හරි පිනකට හරි දෙන්නා සෙට් වෙනවා.
ඔන්න ඔතනින් තමයි බොරු කියන එක පටන් ගන්නෙ ලොකුවටම.
ආත්ම ගානක් පතාගෙන ආවලු.
ජීවිතේ දෙන්නම්ලු.
මගෙ පණත් හරිලු ඔයත් හරිලු,
මේවා එකක් වත් ඇත්තද? කල්පනා කරලා බලන්න.
මොකක් හරි හේතුවක් නිසා මේ දෙන්නා වෙන් උනොත්??? ඊට පස්සෙ කියන කතා මොන වගේද?
මූදෙ එක මාලුවද ඉන්නෙ බන්...
ඒක කලේ මම සෙල්ලමට..
ඕකිට මම පෙන්නන්නම් මම කවුද කියලා.
ලෝකෙ එක කොල්ලද බන් ඉන්නෙ?
හෙට වෙද්දි අරකිට පේන්න මම මේකි එක්ක එන්නෙ, බලපන් නැත්ද කියලා...
මට පිස්සු කියලා හිතන්න එපා.
එත් මේක නේද ඇත්ත?
එතකොට ආදරේ කියන්නෙ මොකක්ද?????
ඊලගට ඔයාල මගෙන් අහන්නෙ මේ ප්රශ්නෙ නේද?
ඒකටත් මම ම කෙටි උත්තරයක් දෙන්නම්...
ඇත්ත ආදරේ තියෙන්න ඕනේ එකිනෙකා අතර විශ්වාසය විතරමයි නේද? මට මගේ සහකාරිය / සහකරු විශ්වාස නම් මොකටද මේ බොලඳ බොරු කතා...???
අපි ඇත්තට මූන දෙමු...
අපි අපිට අවන්ක වෙමු.
අපි අපිට ආදරේ වෙමු.
එතකොට මුලු ලෝකෙම තේරුම් ගනීවි අපි ගැන.
එතකොට අපේ ආදරෙත් සැබෑ ආදරයක් වේවි. අනාගත පරපුර අපි ගැන කතා කරාවි.. ඒයාලගෙ හිතේ ඇතිවෙන අවන්ක පැහැදීමකින්...
සිහිනය....
Monday 8 June 2009
කඳුල......
Saturday 6 June 2009
ආදරේ...............
සුන්දරයි ජීවිතේ...........
Friday 5 June 2009
හැම දේම හරියට කරගන්න හිතාගෙන හොද වෙලාවක් බලලා පටන් ගත්තට ඒ දේවල් හරියන්නෙ ගොඩාක් කලාතුරකින්. අහස උසට බලාපොරොත්තු.....ඒ හැම හීනයක්ම ඇත්තටම හීනයක් විතරක්ම වෙයිද කියලා වෙලාවකට හිතෙනව.
මිනිස්සු ජීවත් කරවන්නේ බලපොරොත්තු...ඒත් ඒ බලපොරොත්තු බිඳිලා ගියොත් ජීවිතේ නැති කරගන්න නේද අපිට වෙන්නෙ?
ජීවත් වෙන එකලු අමාරු.....මැරෙන එක නෙමෙයිලු.
ඒ කතාව නම් ඇත්ත තමයි...හැමෝම හදන්නෙ අපිව මරන්න නේද?අපි අපිම විතරයි නේද අපිවම ජීවත් කරවන්න හදන්නේ?
ජීවත් වෙන්න ඉගෙන ගන්න ඔනෙ....ජීවත් වෙන විදිය......අනුන්ට කරදරයක් නොවී...
වෙසක් දුකක්....
Wednesday 27 May 2009
Subscribe to:
Posts (Atom)